📅 April 2026 Special Updates
🌟
April Updates
🎯 Important April updates for students, teachers and applicants are here!
📚 School activities, exam notices, vacancies, courses, term dates and special programmes – all in one place.
⚡ Stay ready for important deadlines, school events and official education updates this month.
🚀 Check the latest April information now and do not miss any valuable update.
👉 VIEW APRIL UPDATES

Breaking

16/06/2020

Regarding A/L Exam : Education Ministry


උසස් පෙළ විභාගය පැවැත්වීම

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල් දමන ලෙසට ඇතැම් පාර්ශවයන් වෙතින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී තිබේ.

රට තුළ පවත්නා තත්ත්වය මත මෙම ඉල්ලීම, විභාගයට මුහුණ දෙන දරුවන්ගේ සාධාරණ අයිතියක් ලෙස සලකා, මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය කොට, දැනට නියම කර ඇති පරිදි සැප්තැම්බර් මස 07 වැනි දා උසස් පෙළ විභාගය පැවැත්වීම දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මා වෙත සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුඵ අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

2020 ජුලි මස 06 වැනි දා පාසල් ආරම්භ වූ පසු, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ, එම පන්තිවල ඉගැන්වීම් සිදුකරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් විභාගය පවත්වන දින පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේ දී ම ප්‍රකාශයට පත්කරනු ලබන බව දැනුම්දීමට කැමැත්තෙමි.

ලේකම්
අධ්‍යාපන අමාත්‍යාංශය



உயர்தர பரீட்சையினை நடாத்துவது தொடர்பாக

கோவிட் 19 வைரசு பரவல் காரணமாக பாடசாலை நடைபெற்ற நாட்களின் எண்ணிக்கை குறைவடைந்தமை, பாடத்திட்டங்களை உரிய காலத்தில் நிறைவு செய்து கொள்ள முடியாமற் போனமை காரணமாக, இம்முறை உயர்தர பரீட்சைகளை எழுதும் மாணவர்கள் எதிர்நோக்கியுள்ளguruwaraya.lk சவாலினை கருத்திற் கொண்டு உயர்தர பரீட்சைகளை பிற்போடும் படி கல்வி அமைச்சர் மற்றும் கல்வி அமைச்சுக்கு பல்வேறு தரப்பினர் வேண்டுகோள் விடுத்துள்ளனர். guruwaraya.lk

நாட்டில் தற்போதைய நிலையை கருத்திற் கொண்டு, மேற்படி வேண்டுகோள்களை மாணவர்களின் உரிமையாகக் கருதி, guruwaraya.lk இது தொடர்பாக மேலும் ஆராய்ந்து, தற்போது நிச்சயிக்கப்பட்டுள்ள செப்டம்பர் மாத 7 ஆம் திகதி பரீட்சைகள் நடைபெறுவது மாணவர்களுக்கு பாதிப்பாக அமையாத வண்ணம் கவனத்திற் கொள்ளும் படி பரீட்சை ஆணையாளர் மற்றும் அமைச்சின் உயர் அதிகாரிகளுக்கு அறிவுறுத்தல்கள் வழங்கப்பட்டுள்ளது.

2020 07. 06 பாடசாலைகள் ஆரம்பிக்கப்பட்டதும், மாணவர்கள் மற்றும் ஆசிரியர்கள் அதிபர்களின் கருத்துக்கள் ஆலோசனைகளைக் கருத்திற் கொண்டு பரீட்சைகள் தொடர்பான இறுதி முடிவு guruwaraya.lk பாடசாலைகள் ஆரம்பிக்கப்பட்டதன் பின்னர் எதிர்வரும் முதலாம் வார இறுதியில் வெளியிடப்படும் என அறியத்தரப்படுகின்றது.

செயலாளர்
கல்வி அமைச்சு


No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog