📅 April 2026 Special Updates
🌟
April Updates
🎯 Important April updates for students, teachers and applicants are here!
📚 School activities, exam notices, vacancies, courses, term dates and special programmes – all in one place.
⚡ Stay ready for important deadlines, school events and official education updates this month.
🚀 Check the latest April information now and do not miss any valuable update.
👉 VIEW APRIL UPDATES

Breaking

01/07/2020

Grade 01,02 Starts on Aug 10



Grade 01, Grade 02 and all pre schools starts on 10th  of August 2020 (Education ministry has changed the date from 03rd of August)

දිවයිනේ සියලු ම පාසල්වල 1,2 ශ්‍රේණි, පෙර පාසල්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල ආරම්භ කිරීමට දින නියම වෙයි

අධ්‍යාපන ආයතන නැවත විවෘත කොට සිසු අයිතියට පැවරීම පිළිබඳ ව අද පැවති අමාත්‍ය මණ්ඩලයේ දී දීර්ඝ ව සාකච්ඡා කරන ලදී. ඒ අනුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ මාර්ගෝපදේශයන්ට යටත් ව දිවයිනේ සියලු පාසල්වල 1 සහ 2 ශ්‍රේණි සහ දිවයින පුරා පිහිටි පෙරපාසල් අගෝස්තු මස 10 වැනි සඳුදා දින ආරම්භ කිරීමට තීරණය කරන ලදී.

එමෙන් ම මේ සෑම පාසලක ම විෂබීජහරණ කටයුතු පිළිබඳ ව ඉතා සැලකිල්ලෙන් සොයා බලන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට ද සියලු පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශවලට ද සියලු ම පළාත් පාලන ආයතන වෙත ද අතිගරු ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබාදෙන ලදී.

සියලු ම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවැනි වසර ශික්ෂණලාභීන් (2017/2019 කණ්ඩායම) සඳහා නේවාසික අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ජුලි මස 07 දින සිට ජුලි මස 31 දින දක්වා සිදුකෙරේ. සියලු ගුරු විද්‍යාලවල පළමු වසර හා දෙවැනි වසර ගුරු සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ජූලි මස 07 දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල තෙවැනි වසර ශික්ෂණලාභීන් (2016/2018 කණ්ඩායම) තම සීමාවාසී පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා පාසල්වලට අනුයුක්ත කිරීම ද ජුලි මස 07 දින සිට ජුලි මස 31 දින දක්වා සිදු කෙරේ.

තව ද, අගෝස්තු මස 10 වැනි දින ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවන වසර ශික්ෂණලාභීන් (2017/2019 කණ්ඩායම) සීමාවාසී පුහුණුව සඳහා පාසල් වෙත අනුයුක්ත කිරීමට ද කටයුතු යොදා ඇත.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පළමු වසර ශික්ෂණලාභීන්ගේ (2018/2020 කණ්ඩායම) නේවාසික අධ්‍යයන කටයුතු අගෝස්තු මස 17 වැනි දායින් ආරම්භ කෙරේ.

අප මව්බිම සහ අධ්‍යාපන ආයතන වේගයෙන් යථාතත්ත්වයට පත්වුව ද, තම දූ පුතුන් සෞඛ්‍ය පුරුදුවලින් බැහැර නොකොට, ඔවුන්ගේ නිරෝගීබව ආරක්ෂා කිරීම සඳහා දැඩි ව විමැසිලිමත් වන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු දෙමාපියන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.


கல்வி நிறுவனங்கள் மீள திறத்தல் சம்பந்தமாக இன்று அமைச்சரவை கூட்டத்தில் விரிவாக கலந்துரையாடப்பட்டது. guruwaraya.lk இதனடிப்படையில் சுகாதார சேவை பணிப்பாளரின் வழிகாட்டல்களுக்கு அமைய நாட்டின் அனைத்து பாடசாலைகளினதும் தரம் 1, தரம் 2 மற்றும் guruwaraya.lk நாட்டின் அனைத்து முன்பள்ளி பாடசாலைகளும் ஆகஸ்ட் மாதம் 10 ஆம் திகதி திங்கட்கிழமை ஆரம்பிக்க முடிவெடுக்கப்பட்டுள்ளது.

அத்துடன் இவ்வனைத்து பாடசாலைகளையும் தொற்று நீக்கல் நடவடிக்கைள் மேற்கொள்வது சம்பந்தமாக, மிகவும் கவனமெடுத்து தேடிப்பார்க்கும் படியும் கல்வி அமைச்சு மற்றும் மாகாண கல்வி அமைச்சு, மாகாண சபை நிறுவனங்களுக்கு ஜனாதஜபதி பணிப்புரை விடுத்துள்ளார்.



No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog