📅 April 2026 Special Updates
🌟
April Updates
🎯 Important April updates for students, teachers and applicants are here!
📚 School activities, exam notices, vacancies, courses, term dates and special programmes – all in one place.
⚡ Stay ready for important deadlines, school events and official education updates this month.
🚀 Check the latest April information now and do not miss any valuable update.
👉 VIEW APRIL UPDATES

Breaking

10/09/2020

New Circular : Sports School

Education Ministry has issued a Fresh Circular on Sports School.

Source : Ministry of Education

ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කිරීම හා ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වෙයි

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන් ම  ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ම නියෝජනය වන පරිදි  මේ වනවිට ක්‍රීඩා පාසල් 25ක් ස්ථාපනය කර ඇති අතර,  එම පාසල් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම වෙනුවෙන්  පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය  නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ හමුවේ දී ගත් තීරණ අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

පාසල් සිසුන්ගේ ක්‍රීඩා සාධන මට්ටම් උසස් තත්ත්වයකට ගෙන එමින්, විධිමත් ක්‍රීඩා අධ්‍යාපනයක් ලබාදීමට හැකි පාසල් පරිසරයක් ඇති කිරීමත්, එමඟින් ජාත්‍යන්තරය ජයගත හැකි විශිෂ්ට ක්‍රීඩකයින් මෙරට පාසල් ක්‍රීඩා පද්ධතිය තුළින් බිහිකිරීමත් ක්‍රීඩා පාසල් ස්ථාපනය කිරීමේ ප්‍රමුඛ අරමුණු වේ. 

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම 8 වැනි ශ්‍රේණියෙන් ආරම්භ කෙරෙන අතර, ක්‍රීඩා සඳහා විශේෂ  හැකියාවක් සහ ලැදියාවක් සහිත සිසුන්ගෙන් නියමිත සාධන මට්ටමට පැමිණි සිසුන් සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ක්‍රීඩා පාසල් වෙත ඇතුළත් කරනු ලැබේ.

 එහෙත්  5 ශ්‍රේණි ශිෂ්‍යත්ව සමතුන්ගෙන් 6 ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ගෙන් පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව පූරණය වීම නිසා ක්‍රීඩා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී මතුව පවත්නා ගැටළුවට විසඳුම් ලෙස සෑම  ක්‍රීඩා පාසලක ම 8 ශ්‍රේණිය සඳහා වෙනම පන්තියක් ආරම්භ කිරීමට මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම ක්‍රීඩා පාසල්වල මානව සම්පත් සංවර්ධනය, භෞතික සම්පත් සංවර්ධනය, දැනට පවත්නා ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම හා නවීකරණය නේවාසිකාගාර අලුත්වැඩියා කිරීම සහ අවශ්‍ය සම්පත් සකස් කරදීම ඇතුළු  ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් ද ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ත්‍රිවිධ හමුදාවේ විශේෂ සහාය ද ඇතිව ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග දියත් කෙරේ.

Sinhala Circular



No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog