Applications Closing Soon – Check Deadlines Before You Miss (Courses & Vacancies)
Check Now

Breaking

W & OP Re Registration



වැන්දඹු අනත්දරු ක්‍රමයේ නැවත ලියාපදිංචි වන නිලධාරීන්ගේ ලියාපදිංචිය තහවුරු කිරීම කඩිනමින් අවසන් කිරීම.

රාජ්‍ය සේවකයින් වැන්දඹු හා අනත් දරු ක්‍රමයේ නැවත ලියාපදිංචි වීම සඳහා දත්ත පද්ධතියට දත්ත ඇතුළත් කළ යුතු අතර එම ක්‍රියාවලියෙන් පසු අදාළ නිලධාරීන් සේවය කරන අයතනයේ විෂය භාර නිලධාරීන් විසින් මාර්ගගත (Online) දත්ත පද්ධතිය තුළ රාජ්‍ය නිලධාරියාගේ ලියාපදිංචිය තහවුරු කිරීම (Verification) සිදු කළ යුතු ය.ලියාපදිංචි කළ නිලධාරින්ගේ වැන්දඹු හා අනත්දරු සාමාජික කාඩ්පත වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක්කේ එම තහවුරු කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව නැවත ලියාපදිංචිය සම්පූර්ණ කිරීම සිදු කළ යුතු ආකාරය දන්වමින් කෙටි පණිවුඩයක් (SMS) දත්ත පද්ධතියට දත්ත ඇතුළත් කර එම දත්ත තහවුරු නොකළ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ ජංගම දුරකථන වෙත ලබා දීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.

කෙටි පණිවුඩය ලැබුණු සියලුම නිලධාරීන් සිය ආයතනයේ විෂය භාර නිලධාරීන් හැකි ඉක්මණින් ඒ පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කළ යුතු අතර මාර්ගගත පද්ධතිය තුළ තහවුරු කිරීමෙන් පසුව ඔවුන්ගේ සාමාජික කාඩ් පත්‍රය වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට හැකියාව ලැබේ.මේ වන විට රාජ්‍ය නිලධාරින් 180,000 ක් පමණ දත්ත පද්ධතිය තුළ නැවත ලියාපදිංචිය හා සම්බන්ධ වී සිටියි.

මෙම පණිවිඩය ලැබෙන අවස්ථාව වන විට අදාළ නිලධාරියා විශ්‍රාම ගොස් ඇත් නම් මේ සම්බන්ධව කටයුතු කිරීම අවශ්‍ය නොවේ.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 26/2017 (V) චක්‍රලේඛය අනුව රාජ්‍ය නිලධාරින් සඳහා වැන්දඹු හා අනත්දරු ක්‍රමයේ නැවත ලියාපදිංචි වීමට ලබා දුන් කාල සීමාව 2021.07.31 දිනයෙන් අවසන් වේ.
නැවත ලියාපදිංචිය හා තහවුරු කිරීම සම්බන්ධ මාරගෝපදේශය පහත සබැඳියෙන් ලබා ගන්න.

Click Below for Guidelines

No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog