Applications Closing Soon – Check Deadlines Before You Miss (Courses & Vacancies)
Check Now

Breaking

Smart Class : SInhala

 



සියලු පාසල් තුළ ඉංග්‍රීසි සුහුරු පන්ති පිහිටුවීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මගින් දකුණු පළාතට සුහුරු පන්ති 200 ක්…
පාසල් තුළ ඉංග්‍රිසි අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් නවීන තාක්ෂණය සම්බන්ධ කර ගනිමින් සකස් කරන ලද ඉංග්‍රීසි සුහුරු පන්ති (English Smart Class ) පිහිටුවීමේ වැඩපිළිවෙලක් Right to Read ව්‍යපෘතිය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නංවා ඇත.

3 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාව තුළ ඉංග්‍රීසි විෂයට අදාළ පෙළ පොත් ඇසුරින් සකස් කරන ලද පාඩම් මාලා අන්තර්ගත කරන ලද අන්තර්ජාල යෙදවුමක් මගින්(app) මෙම ඉංග්‍රීසි සුහුරු පන්ති ක්‍රියාත්මක වේ.

මේ වන විට දිවයින පුරා පාසල් 837 ක සිසුන් 510,745 කට ආසන්න පිරිසක් මෙම වැඩසටහන සමග සම්බන්ධ කරගෙන ඇත. උතුර, සබරගමුව, ඌව සහ මධ්‍යම පලාතේ පාසල් තුළ මේ වන විටත් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

2022 වර්ෂය වන විට දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩසටහන ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති අතර, දකුණු පළාත් වැඩපිළිවෙළ තුළ පළමු අදියර යටතේ ඉදිරි මාස කිහිපය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 100ක මෙම වැඩසටහන හදුන්වාදීමට කටයුතු යොදා ඇත. දෙවැනි අදියර යටතේ දකුණු පළාතේ තවත් පාසල් 100 කට ඉංග්‍රීසි සුහුරු පන්ති ලබාදීමට පියවර ගැනේ.

දරුවන්ට පාසල තුළ දී අදාළ විෂය භාර ගුරුවරයාගේ සහාය ඇතිව සුහුරු ඉංග්‍රීසි පන්තිය සමග සම්බන්ධ විය හැකි අතර, මීට අදාළව ගුරුභවතුන් පුහුණු කිරීම වෙනුවෙන් ගුරු උපදේශකවරුන් සහ විදුහල්පතිවරුන් පුහුණු කිරීමේ කටයුතු ද මේ වන විටත් ක්‍රියාවට නංවා ඇත.

No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog