📅 April 2026 Special Updates
🌟
April Updates
🎯 Important April updates for students, teachers and applicants are here!
📚 School activities, exam notices, vacancies, courses, term dates and special programmes – all in one place.
⚡ Stay ready for important deadlines, school events and official education updates this month.
🚀 Check the latest April information now and do not miss any valuable update.
👉 VIEW APRIL UPDATES

Breaking

Vocational Stream : Sinhala


Click Below for School List

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන)
12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවීම - 2020

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවේ. 2020 වසරේ සිට වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක කෙරෙන පාසල් 423න්   තෝරාගත් පාසල්වලට ඇතුළත් වීම සඳහා සිසුන්ට අයදුම්පත් යොමු කළ හැකි අතර මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත්කර ගැනීමේ දී අ.පො.ස. සා/පෙ විභාගයේ සමත් අසමත් භාවය සලකනු නොලැබේ.

වෘත්තීය විෂය ධාරාව යටතේ, 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර, 13 ශ්‍රේණියේ පහත දක්වා ඇති වෘත්තීය විෂයයන්ගෙන් එකක් යටතේ ඇති NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) 04වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට හැකියාව ලැබෙනු ඇත.

1. ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය
2. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය
3. ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා
4. ප්‍රාසාංගික කලාව
5. කාර්ය සිද්ධි කළමනාකරණය
6. ශිල්ප කලා
7. අභ්‍යන්තර නිර්මාණකරණය
8. විලාසිතා නිර්මාණකරණය
9. ග්‍රැෆික් නිර්මාණකරණය
10. සංචරණය හා ආගන්තුක සත්කාර
11. භූ දර්ශන නිර්මාණකරණය
12. ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය
13. පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය 
14. ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
15. ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය
16. වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
17. ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය
18. මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය
19. විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය
20. පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය
21. ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය
22. ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය
23. කලාව හා පිරිසැකසුම්කරණය
24. පාරිසරික අධ්‍යයනය
25. පරිගණක හා දෘඩාංග හා ජාලකරණය
26. නිපැයුම්කරණය


අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය: 2020 ජුලි මස 20 (සඳුදා)

මේ සමග ඇති අයදුම්පතේ ආකෘතියට අනුව සකස් කරන ලද අයදුම්පතක් ඔබ ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට යොමු කරන්න. මෙහිදී, අයදුම් පත්‍රයේ පිටපත් දෙකක් සම්පූර්ණ කර, එක් පිටපතක් දැනට ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිගේ සහතිකය රහිතව යොමු කළ යුතු අතර, අනෙක් පිටපත නව පාසලට ඇතුළත්වන අවස්ථාවේදී, දැනට ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිගේ සහතිකය සහිතව ඉදිරිපත් කළ යුතුය.

වැඩිදුර තොරතුරු සඳහා සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා දුරකථන අංක 0112 787136/ 0112 786746 ඇමතිය හැක.

No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog