Breaking

Search This Blog

19/06/2020

Scholarship for Students (9 A in O/L 2019)

Scholarship for Students (9 A in O/L 2019)


සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් සිසුන් දසදහසකට පාඨමාලා ශිෂ්‍යත්ව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය එක්වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් “යළි නැගිටිමු ශ්‍රී ලංකා වැඩසටහන” යටතේ 2019 වර්ෂයේ අ.පො.ස. (සා/පෙළ) විභාගයට පළමු වතාවට පෙනී සිට “A” සාමාර්ථ 9 ක් ලබා ගත් සිසුන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අලෙවිකරණ පාඨමාලාවක් ශිෂ්‍යත්වයක් ලෙස ලබා දීමේ වැඩසටහනක් හඳුන්වා දී ඇත. එහි සමාරම්භක උත්සවය අධ්‍යාපන ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා (17) අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණු අතර මෙම අලෙවිකරණ පාඨමාලාව අන්තර්ජාලයට එක් කිරීම අධ්‍යාපන ලේකම්තුමා විසින් සිදු කෙරිණි. මෙවර මෙම වැඩසටහන සඳහා සිසුන් 10,201දෙනෙකු සුදුසුකම් ලබා සිටියි.

සමාරම්භක අවස්ථාවට මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ සම්බන්ධ වූ සිසුසිසුවියන් පිරිසක් මෙම වැඩසටහන තමන්ට ලැබුණු සුවිශේෂ වෘත්තීය අධ්‍යාපනික අවස්ථාවක් බවට අදහස් දැක්වූ අතර එම පාඨමාලාවේ අන්තර්ගතය හා ඊට සම්බන්ධ වන ආකාරය පිළිබඳ ඔවුන් නැගු ප්‍රශ්නවලට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපතිතුමා විසින් පිළිතුරු සැපයීය.

මෙම වැඩසටහන සඳහා 2020 ජූලි මස 01වෙනිදා සිට 15වෙනිදා දක්වා අයදුම් කළ හැකි අතර අයදුම්පත් www.slim.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112675000 (slim home) යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


க.பொ.த சாதாரண தரத்தில் சிறந்த பெறுபேற்றை பெற்றுக் கொண்ட ஆயிரக்கணக்கான மாணவர்களுக்கு, கல்வி அமைச்சுடன் இணைந்து இலங்கை சந்தைப்படுத்தல் நிறுவனம் புலமைப்பரிசில்களை வழங்கவுள்ளது. guruwaraya.lk


கல்வி அமைச்சின் வழிகாட்டலின் கீழ், இலங்கை சந்தைப்படுத்தல் நிறுவனமானது இலங்கையை மீண்டும் கட்டியெழுப்புதல் செயற்றிட்டத்தின் கீழ், guruwaraya.lk  2019 ஆம் வருட க.பொ.த சாதாரண தர பரீட்சைக்கு முதன் முதலில் தோற்றி, 9 A சித்தி பெற்றவர்களுக்கு Online  மூலம் சந்தைப்படுத்தல் தொடர்பான கற்கை நெறிக்கான புலமைப்பரிசில்கள் வழங்கப்படவுள்ளன.guruwaraya.lk

இச்செயற்றிட்டம் 17.06.2020 கல்வி அமைச்சில் உத்தியோகபூர்வமாக ஆரம்பிக்கப்படதுடன், 10 201 மாணவர்கள் இதற்கு தகைமை பெறுகின்றனர். guruwaraya.lk

இச்செயற்றிட்டத்திற்கான விண்ணப்பங்களை 2020.07.01 முதல் 15.07.2020 வரை மேற்கொள்ளலாம். 
விண்ணப்பங்களை www.slim.lk அல்லது 0112 675 000 என்ற இலக்கத்துடன் தொடர்பு கொண்டு பெற்றுக் கொள்ளலாம். guruwaraya.lk

Popular

Recent

Ad

Learning Materials for Students