Applications Closing Soon – Check Deadlines Before You Miss (Courses & Vacancies)
Check Now

Breaking

31/08/2020

Annual Teacher Transfer & Mutual Transfer : Online Application



Ministry is going to initiate online platform for Annual Teacher Transfer and Mutual Transfer.

ඔබ මුල්වරට ගුරු ද්වාරයට පිවිසෙන්නේ නම් username සහ password ලෙස ජාතික හැදුනුම්පත් අංකය භාවිතා කරන්න.
  • ඔබ මිට පෙර nemis හා සම්බන්දවී මුරපදය වෙනස් කරගෙන ඇත්නම් එම මුරපදයම භාවිතා කරන්න.
  • ඔබට nemis මෘදුකාංගය හරහා මුරපදය වෙනස්කර ගැනීමට https://nemis.moe.gov.lk/ වෙත පිවිසෙන්න.
  • ඇතුළත්විය නොහැකිනම් කලාප කාර්යාලයේ අදාළ නිලධාරියා අමතන්න.
මෙම මෘදුකාංගය පහත සදහන් සේවාවන් ලබාගැනීම සදහා භාවිත කළ හැක.
  1. අධ්‍යාපන අමාත්‍යාංශය සතු ඔබ පිළිබඳ දත්ත (ජීව දත්ත හා සේවා සටහන්) යාවත්කාලින කරගැනීම තුළින් ගුරු මාරුවීම් සදහා අයදුම් කිරීම පහසු කිරීම හා එම සේවාව වඩා කාර්යක්ෂම කරගැනීම.
    • ඔබ දැනට උගන්වන විෂයන් ආදී තොරතුරු මෙම පද්ධතිය තුල යාවත්කාලීන කරගැනීම ගුරු මාරු හා පුරප්පාඩු සම්පූර්ණ කිරීමේදී වැදගත් වේ.
    • ඔබගේ තොරතුරු නිවැරදි නොවන්නේනම් විදුහල්පති මඟින් කලාප කාර්යාලය හරහා අදාළ තොරතුරු නිවැරදි කරගන්න.
  2. සුහද ගුරු ස්ථාන මාරු සඳහා අයදුම් කිරීම.
    • සුහද මාරු සදහා දැන්වීම් ගුරු ද්වාරය තුළ පළකිරීම සහ ඒ සදහා අපේක්ෂාවෙන් පසුවන ගුරුවරුන් සොයාගැනීම
    • සුහද මාරුවීම බලාපොරොත්තුවන පළාත,දිස්ත්‍රික්කය, උගන්වන අංශය, උගන්වන විෂය හා මාධ්‍යය ඇතුළත් කිරීම අනිවාර්ය වේ.
    • කලාපය, කොට්ඨාසය හා ස්ථාන මාරු අපේක්ෂිත පාසැල අමතර තොරතුරු ලෙස ඇතුළත් කළ හැක.
    • වෙනත් ගුරුභවතුන් විසින් පළකර ඇති දැන්වීම් පරීක්ෂා කිරීමේදීද පළාත, දිස්ත්‍රික්කය, උගන්වන අංශය, උගන්වන විෂය හා මාධ්‍යය අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතුය.
    • මාරුවීම් සදහා ගුරුභවතුන් අතර එකගතාවය ඇතිකරගැනීමෙන් පසු මෙම මෘදුකාංගය මගින් අයදුම් කිරීමේදී සුහද මාරු ලෙස අයදුම් කළ යුතුය.
    • සුහද මාරු සදහා දැන්වීම් පළ කිරීමේදී එම පළකරනු ලබන දැන්වීම් වල සම්පූර්ණ වගකීම් දැන්වීම පළකරන ගුරුභවතා සතු වේ.
    • මෙම පහසුකම අදාළ කරුණ සදහා පමණක් භාවිතා කළ යුතු අතර, යම් ලෙසකින් අවභාවිතා කළහොත් එම පහසුකම අදාල ගුරුභවතුන් සදහා ඉදිරියේදී අවහිර වනු ඇත.
    • මෙම සියලු ස්ථාන මාරුවීම් ජාතික ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්ති (චක්‍රලේඛ අංක 2007/20), කාර්ය පටිපාටික රීති හා ගුරු ස්ථාන මාරු නිර්ණායකයන්ට අනුකූලව විය යුතු බව කාරුණිකව සලකන්න.
  3. වාර්ෂික ස්ථාන මාරු සදහා අයදුම් කිරීම. (2021 වර්ෂයේ ගුරු මාරු සදහා අයදුම් කළ හැකි දින සිට).
  4. Online පද්ධතිය හරහා අයදුම් කරනලද ස්ථානමාරුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම.

No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog