Breaking

Search This Blog

30/06/2020

President Decisions on Tuition Classes

President Decisions on Tuition Classes


Source : Government Information Center
2020.06.29
උපකාරක පන්ති ගුරුවරුන්ගේ ඉල්ලීම් රැසකට ජනපතිගෙන්
එසැණ විසඳුම්
 

උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටලු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වහා එකඟත්වය පළ කරයි.

දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදුන් උපකාරක පන්ති සිසුන් 250කට සීමා කිරීම අසීරු බව දේශකවරු පෙන්වා දුන්හ. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා කාල පාරස දෙකකදී සිසුන් 500කට ඉගැන්වීමේ අවස්ථාව සැලසීමට සෞඛ්‍ය විශේෂඥයින්ගේ ද උපදෙස් ඇතිව අනුමැතිය දුන්නේය.
කොවිඩ් 19 නිසා වසා දැමුණු උපකාරක පන්ති යළි ඇරඹිමේ දී ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ තීරණවලට එළැඹිණ.
2019 වසරේ පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් 19 වසංගතය නිසා අ.පො.ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මාස පහ මාරකට අධික කාලයක් අධ්‍යාපනය ලැබීමට නොහැකි විය. 5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවෝද එවැනිම තත්ත්වයකට මුහුණ දී සිටිති. මේ කරුණු සැලකිල්ලට ගෙන අදාළ විභාග පැවැත්වීමේ දින වෙනස් කිරීමට අවධානය යොමුකරන ලෙස උපකාරක පංති ගුරුවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් සමග පූර්ණ අධ්‍යයනයකින් පසු විභාග දින තීරණය කිරීම යළිත් සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යවරයාට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
පාසල් වසා තැබීම හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීම පිළිබඳව ගරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ජනාධිපතිතුමාට අවස්ථා ගණනාවකදී කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ ගැන අවධානය යොමු කළ ජනාධිපතිතුමා විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් ඇතුළත් කර සිසුන්ට තෝරා ගැනීමේ වැඩි අවස්ථාවක් දීමේ හැකියාව සොයා බලන්නැයි විභාග කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය.
අධ්‍යාපන සේවා බදු ප්‍රතිශතය 24% කි. එය සං‍ශෝධනයට උපකාරක පන්ති ගුරුවරුන් කළ ඉල්ලීම සලකා බැලීමට ද ජනාධිපතිතුමා එකඟ විය. උපකාරක පංති ප්‍රචාරණය සඳහා අත්පත්‍රිකා බෙදාහැරීම් සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව කිරීමට ද ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි විය
.
ඉරිදා උදේ වරුවේ සහ පොහෝ දින උපකාරක පන්ති නොපවත්වන ලෙස බෞද්ධ උපදේශක සභාව කළ යෝජනාව ජනාධිපතිතුමා රැස්වීමේ අවධානයට යොමු කළේය.
පොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන් නතර කිරීමට ගුරුවරුන්ගේ කැමැත්ත පළ විය.
අ.පො.ස උසස් පෙළට පමණක් සීමා වී ඇති ඉරිදා උදේ වරුවේ පන්ති නැවැත්වීමේ ඉඩකඩ විමර්ශනය කිරීමට ද තීරණය කෙරිණ.

ජනාධිපතිතුමා කොවිඩ් මර්දනයට සහ රටේ සියලු ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ගෙන ඇති තීරණ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ප්‍රසාදයට ලක්වන බව ද උපකාරක පංති ගුරුවරු සඳහන් කළහ.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අධ්‍යාපන ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ යන මහත්වරු සහ උපකාරක පංති සංගම් කිහිපයක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.


2020.06.29
மேலதிக வகுப்புக்களை நடாத்தும் ஆசிரியர்களின் வேண்டுகோள்களுக்கு 
ஜனாதிபதியின் உடனடி தீர்வுகள்.guruwaraya.lk

மேலதிக வகுப்புக்களை மீள ஆரம்பித்தல் தொடர்பாக எழுந்துள்ள பிரச்சினைகள் தொடர்பாக அகில இலங்கை தொழில்சார் விரிவுரையாளர்களின் சங்கம் முன்வைத்த யோசனைகள் பலவற்றுக்கு ஜனாதிபதியின் அனுமதி கிடைத்துள்ளது. guruwaraya.lk

ஆயிரத்துக்கும் மேற்பட்ட மாணவர்கள் கற்ற மேலதிக வகுப்புக்களை 250 மாணவர்களுக்கு மட்டுப்படுத்துவது கடினம் என சுட்டிக்காட்டப்பட்டது. இதன் போது இரண்டு கால நேர ஒதுக்கீடுகளில் மாணவர்கள் 500 பெர் கற்கும் வண்ணம் சந்தர்ப்பம் வழங்க guruwaraya.lk சுகாதார அதிகாரிகளின் அறிவுறுத்தலின் படி அனுமதி வழங்கினார்.

2019 குண்டு வெடிப்பு மற்றும் கோவிட் 19 காரணமாக க.பொ.த உயர்தர மற்றும் சாதாரண தர மாணவர்கள் மற்றும் தரம் 5 மாணவர்களுக்கு ஏரத்தாழ 5 மாதங்கள் கல்வி நடவடிக்கைகளை மேற்கொள்ள முடியாமற் போனமையிலான் பொதுப் பரீட்சை தினங்களை பிற்போடுவது தொரடர்பாக கவனம் செலுத்துமாறு கேட்டுக் கொள்ளப்பட்டது. guruwaraya.lk

ஆசிரியர்கள், பெற்றோர் மற்றும் மாணவர்கள் தொடர்பாக ஆராய்ந்து பரீட்சை தினங்கள் தொடர்பான முடிவுகள் மீண்டும் கவனத்திற் கொள்ளப்பட கல்வி அமைச்சருக்கு ஜனாதிபதி பணித்தார்.

பாடசாலைகள் மூடப்பட்டதால் பாடவிதானங்கள் நிறைவு செய்யப்படாமை தொடர்பாக ஆசிரியர்கள், பெற்றோர் மற்றும் மாணவர்கள் ஜனாதிபதிக்கு பல்வேறு சந்தர்ப்பங்களில் கருத்துக்களை முன்வைத்துள்ளனர்.  இது தொடர்பாக கவனம் செலுத்திய ஜனாதிபதி guruwaraya.lk பரீட்சை வினாத்தாள்களை தயாரிக்கும் போது, அதிக வினாக்கள் வழங்கப்பட்டு, மாணவர்களுக்கு தெரிவு செய்து கொள்வதற்கு அதிக சந்தர்ப்பங்களை வழங்கும் முறை ஒன்றை நடைமுறைப்படுத்த முடியுமா என்று ஆராயுமாறு பரீட்சை ஆணையாளருக்கு அறிவித்தார். 
மேலதிக வகுப்புக்கள் தொடர்பான துண்டுப் பிரசுரம் பகிர்வது தொடர்பில்,  guruwaraya.lk சுகாதார அறிவுறுத்தல்களை பின்பற்றி அவற்றை செய்ய அனுமதி வழங்கப்பட்டது.

ஞாயிற்றுக்கிழமை காலை மற்றும் போயா தினங்களில் மேலதிக வகுப்புக்களை தவிர்க்குமாறு பௌத்த ஆலோசனை சபையின் பரிந்துரை தொடர்பாக ஜனாதிபதி வினவிய போது, போயா தினங்களில் முற்றாக மேலதிக வகுப்புக்களை நிறுத்த ஆசிரியர்கள் விருப்பம் தெரிவித்தனர்.guruwaraya.lk க.பொ.த உயர்தரத்திற்க மாத்திரம் மட்டுப்படுத்தப்பட்டுள்ள ஞாயிறு காலை மேலதிக வகுப்புக்களை, நிறுத்த முடியுமா என ஆராய முடிவு செய்யப்பட்டது. 

(மூலத்தகவலினை சிங்கள ஆக்கத்தில் பெற்றுக்கொள்ளவும்)



Popular

Recent

Ad

Learning Materials for Students