Applications Closing Soon – Check Deadlines Before You Miss (Courses & Vacancies)
Check Now

Breaking

15/09/2020

Important Message for Principals and Teachers (Punishment for Students)

Important Message for

Principals and Teachers

(Punishment for Students)

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා වැදගත් පණිවිඩය (සිසුන්ට දඬුවම් කිරීම)

அதிபர்களுக்கும் ஆசிரியர்களுக்கும் முக்கியமான செய்தி (மாணவர்களுக்கான தண்டனை)


 බාල­ව­ය­ස්කාර දරු­ව­කුට හිංසා කළ විදු­හ­ල්ප­තිට අත්හිටුවූ සිර දඬු­වම්

Source : Dinamin Paper 15 Sep 2020

By : සිතාරා සේනානි

වයස අවු­රුදු 12ක බාල­ව­ය­ස්කාර පිරිමි දරු­ව­කුට කෘෘර ලෙස පහර දීමේ චෝද­නා­වට වර­ද­කරු වූ විදු­හ­ල්ප­ති­ව­ර­ය­කුට වසර 2ක බර­ප­තළ වැඩ සහිත සිර දඬු­වම් නියම කර, එම දඬු­වම වසර 5කට අත්හි­ටුවා රුපි­යල් 5000ක දඩ මුද­ලක් ගෙවී­මට කොළඹ මහා­ධි­ක­ර­ණය නියම කළ බව ජාතික ළමා ආර­ක්ෂණ අධි­කා­රිය පැව­සීය.

එසේම, වර­ද­කරු දඩ මුදල නොගෙ­වන්නේ නම්, මාස 3ක සිර දඬු­වම් නියම කර ඇති අතර, වින්දිත බාල­ව­ය­ස්කාර පිරිමි දරු­වාට රුපි­යල් 25,000ක වන්දි මුද­ලක් ගෙවී­මට ද නියම කර ඇත. වන්දි මුදල දරු­වාට නොගෙ­වන්නේ නම්, වස­රක සිර දඬු­වම් ලබා දීමට ද නියම කර තිබේ.

2013 වසරේ සිදුව ඇති මෙම පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් ජාතික ළමා ආර­ක්ෂණ අධි­කා­රිය වෙත ලැබී තිබූ පැමි­ණි­ල්ල­කට අනුව, එම අධි­කා­රියේ විශේෂ පොලිස් විම­ර්ශන ඒක­කය විම­ර්ශ­න­යක් සිදු­කර කොළඹ ප්‍රදේ­ශයේ පදිංචි 52 හැවි­රිදි මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. අන­තු­රුව නීති­ප­ති­ව­රයා සැක­ක­රුට එරෙ­හිව කොළඹ මහා­ධි­ක­ර­ණයේ නඩු පව­රී­මෙන් පසු, තමා වර­ද­කරු බව සැක­කරු පිළි­ගෙන තිබේ. ඒ අනුව මහා­ධි­ක­ර­ණය ඔහුට එරෙ­හිව දඬු­වම් නියම කර ඇත.


12 வயது மாணவனை கடுமையாக தாக்கிய அதிபருக்கு 2 வருட கடூழியச் சிறை தண்டனையும், 5 வருட பணிநீக்கமும், 5000 ரூபா தண்டப்பணம் செலுத்தவும் நீதிமன்றம் உத்தரவு பிரப்பித்தது.

தண்டப்பணம் வழங்கப்படாவிடின், மேலும் 3 மாத சிறைத்தண்டனையும், மாணவனுக்கு 25 000 நஸ்ட ஈடும் வழங்க உத்தரவு பிறப்பிக்கப்பட்டது. நஸ்டஈடு வழங்கப்படாவிடின் மேலும் ஒரு வருட சிறைத்தன்டனைக்கான உத்தரவும் பிறப்பிக்கப்பட்டது.

2013 ஆம் ஆண்டு நடைபெற்ற இச்சம்பவத்தில் 52 வயதான மேற்படி நபர் நீதிமன்றில் தாம் செய்த குற்றத்தை ஒப்புக் கொண்டதன் பின்னர் மேற்படி தீர்ப்பு வழங்கப்பட்டது.

No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog