Applications Closing Soon – Check Deadlines Before You Miss (Courses & Vacancies)
Check Now

Breaking

08/10/2020

Students Tracking System (GCE A/L and Scholarship) : Education Ministry


2020 උසස් පෙළ විභාගයට / 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ තොරතුරු ලබා ගැනීම

2020 உயர்தர மற்றும் ஐந்தாம் தர புலமைப் பரிசில் பரீட்சைக்குத் தோற்றும் மாணவர்களின் தகவல்களை பெற்றுக்கொள்ளல்

கல்வி அமைச்சு



Mobile Phone

2020 අ. පො. ස. උසස් පෙළ විභාගය සහ 5 ශ්රේණියේ ශිෂ්යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ තොරතුරු රැස් කිරීම
කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස 2020 වර්ෂයේ දී පැවැත්විමට නියමිත අධ්යයන පොදු සහතිකපත්ර උසස් පෙළ විභාගය සහ පහ ශ්රේණියේ ශිෂ්යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලු ම සිසුන්ගේ සෞඛ්ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්යාපන අමාත්යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත. ඒ අනුව අදාළ විභාග පැවැත්වීමට පෙර සියලු ම සිසුන් තම තොරතුරු අධ්යාපන අමාත්යාංශයේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්රිකාවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු ය. මෙම තොරතුරු ඇතුළත් කිරීම සඳහා පහත දිගුව ඔස්සේ පිවිසිය හැකි ය.
උක්ත විභාග සඳහා පෙනී සිටින ශිෂ්ය ශිෂ්යාවන්ගේ තොරතුරු මාර්ගගත ක්රමයට ලබාදීමට නොහැකි වූ සිසුන් තමා විභාගයට පෙනී සිටින මධ්යස්ථානයේදීම එම තොරතුරු ඉදිරිපත් කළ යුතු අතර ඒ සඳහා අදාළ ආකෘති පත්රය (සිංහල/ දෙමළ/ ඉංග්රීසි) භාෂාත්රයෙන් විභාග දෙපාර්මේන්තුව විසින් විභාග මධ්යස්ථානාධිපති වෙත ලබා දීම සඳහා කලාප/ පළාත් අධ්යාපන අධ්යක්ෂකවරුන් වෙත යොමු කරනු ලැබේ.මාර්ගගත තොරතුරු ඉදිරිපත් නොකළ සිසුන් විසින් මෙම ආකෘති පත්රය ( එක් මාධ්යකින් ) සම්පුර්ණ කර ඉදිරිපත් කළ යුතු අතර එහිදී වාර්තා වන සෞඛ්ය ගැටලු සම්බන්ධයෙන් අදාල ප්රදේශයේ සෞඛ්ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන මෙන් සියලුම පළාත්/කලාප අධ්යාපන අධ්යක්ෂකවරුන් හා විභාග මධ්යස්ථාන භාර නිලධාරීන් දැනුවත් කර ඇත. ඒ අනුව විභාග අපේක්ෂකයන් විසින් සම්පූර්ණ කරන තොරතුරුවල රහස්යභාවය ආරක්ෂා කිරීමට අධ්යාපන අමාත්යාංශය බැඳී සිටියි. අ. පො. ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලු ම සිසුන් තම තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්යයෙන් ම සිදු කළ යුතු අතර 5 ශ්රේණියේ සිසුන්ගේ දෙමාපියන් විසින් මෙම තොරතුරු සම්පූර්ණ කළ යුතු ය.ප්රථම අවස්ථාවේ දී තොරතුරු ඇතුළත් කිරීමෙන් අනතුරුව තමාගේ හෝ තම පවුලේ අයෙකුගේ සෞඛ්ය තත්ත්වයේ යම් ගැටලුවක් මතුවුව හොත් ඒ ඒ අවස්ථාවල දී නැවත තොරතුරු ඉදිරිපත් කිරීම සිදු කළ යුතු ය.

පැවැත්විමට නියමිත අධ්යයන පොදු සහතිකපත්ර උසස් පෙළ විභාගය සහ පහ ශ්රේණියේ ශිෂ්යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලු ම සිසුන්ගේ සෞඛ්ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්යාපන අමාත්යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත. ඒ අනුව අදාළ විභාග පැවැත්වීමට පෙර සියලු ම සිසුන් තම තොරතුරු අධ්යාපන අමාත්යාංශයේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්රිකාවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු ය. මෙම තොරතුරු ඇතුළත් කිරීම සඳහා පහත දිගුව ඔස්සේ පිවිසිය හැකි ය.

நடைபெறவுள்ள தரம் ஐந்து புலமைப்பரிசில் பரீட்சை மற்றும் க.பொ.த உயர்தர பரீட்சை என்பவற்றுக்கு முகங்கொடுக்கவுள்ள அனைத்து மாணவர்களினதும் சுகாதார நிலைமைகள் மற்றும் ஏனை தகவல்களை பெற்றுக் கொள்வதற்காக கல்வி அமைச்சினால் ஏற்பாடுகள் மேற்கொள்ளப்பட்டுள்ளன. எனவே மேற்படி பரீட்சைக்கு முகங்கொடுக்கும் அனைத்து மாணவர்களும் தமது தகவல்களை வழங்கப்பட்டுள்ள இணைப்பை அழுத்தி வழங்கல் வேண்டும்.
நிகழ்நிலை மூலம் விண்ணப்பிக்க முடியாதவர்களுக்கு, தமது பரீட்சை நிலையங்களில் மேற்படி தகவல்களை பூரணப்படுத்த தமிழ், சிங்கள மற்றும் ஆங்கில மொழிகளில் படிவங்கள் வழங்கப்படும். 




No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog